සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.
ඒ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජය ගත්තේය.
මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙස වාර්තා අතරටද එක්විය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 282ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාවට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 107ක් පමණි.