2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:48
නවතම පුවත්

ලංකාවට ආවා කියන ටර්මිනේටර් අතුරුදන්

ඊශ්‍රායල සොල්දාදුවකු වන ගැල් ෆෙරෙන්බුක් කොළඹට පැමිණ ඇති බවට විවිධ ප්‍රකාශ පැතිර ගියද මේ සම්බන්ධයෙන් කිසිදු තහවුරු කළ තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය පවසයි.

‘ටර්මිනේටර්’ ලෙස හඳුන්වන ෆෙරන්බුක්, පලස්තීන සිවිල් වැසියකුගේ මරණයට සහ ඔහුගේ මෘත ශරීරයට අවමන් සහගත ලෙස සැළකීමට වගකිව යුතු බවට චෝදනා එල්ල වී ඇත.

ෆෙරන්බුක්ගේ ඡායාරූපයක් පළ කරමින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියෙක් ඝාතනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ට, අන්තර්ජාතික අපරාධ අධිකරණයට (ICC) සහ අන්තර්ජාතික පොලිසියට ආයාචනා කළ බව බෙල්ජියම පදනම් කරගත් හින්ද් රජබ් පදනම පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

එම පදනම ශ්‍රී ලංකාවේ බලධාරීන්, අන්තර්ජාතික අපරාධ අධිකරණය සහ අන්තර්ජාතික පොලිසියෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර, සොල්දාදුවා ශ්‍රී ලංකාවේ සිටීම ඔහුට වගවීම සඳහා අවස්ථාවක් නියෝජනය කරන බව ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ සිටින බව වාර්තා වන ෆෙරන්බුක් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නිදහස් පලස්තීන ව්‍යාපාරය සහ කම්කරු එක්සත් සම්මේලනය සංවිධානය කළ ඒකාබද්ධ විරෝධතාවක් පසුගිය සිකුරාදා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, හින්ද් රාජාබ් පදනමේ වාර්තා හැරුණු විට එම ප්‍රකාශය සනාථ කරන නිල වාර්තා කිසිවක් නොමැති බවයි.

එම සංවිධානය දේශීය ආයතනවලට පැමිණිලි කළ බවට චෝදනා කළද, ප්‍රකාශකයා පැවසුවේ, මෙම ප්‍රකාශයන් සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් සොයාගෙන නොමැති බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories