2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:54
නවතම පුවත්

රෝද පුටුවක ගමන් ගත් ගුවන් මගියෙක් ළඟ කෝටි 4ක කුෂ් තොගයක්

ගුවන් තොටුපොළ ‘හරිත මාවත’ ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යෑමට තැත් කළ රෝද පුටුවක ගමන් ගත් ගුවන් මගියෙක් සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටි හතරක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සඳහන් කළේ.

මෙම ගුවන් මගියා ඊයේ (09) රාත්‍රියේ තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී – 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රෝද පුටුවක වාඩි වී ශ්‍රී ලන්කන් සහායක නිලධාරිවරයෙකු විසින් ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ හරිත මාවත ඔස්සේ තල්ලු කර ගෙන යමින් සිටිය දී ඔහුගේ සිරුරේ පිටුපස කොටසෙහි රඳවා ගෙන තිබූ ගමන් මල්ල පරික්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක ප්‍රමාණය සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා කොළඹ 10, මරදාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories