2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:33
නවතම පුවත්

රෝග පැතිරීමේ අවදානමක්

ගංවතුර තත්ත්වය බැස යාමත් සමඟ බෝවන රෝග වැලඳීමේ වැඩි අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සඳුන් රත්නායක මහතා සඳහන් කළේ, පාචනය, ලේ අතීසාරය, මී උණ, පණු රෝග වැනි රෝග ලක්ෂණ ඇති නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවය.

“ඔබ විසින් මේ දිනවල ලබාගන්නා ආහාර පිරිසිදු, නැවුම් ආහාර පමණක් ලබාගැනීමටත්, එම ආහාර උණුවෙන් සකස් කර ගන්නා ලද ආහාර පමණක් ලබාගැනීමටත් කටයුතු කරන්න. විශේෂයෙන්ම ඔබ ලබාගන්නා ජලය උණුකර නිවාගත් ජලය හෝ පාලනය සඳහා සුදුසු බෝතල් ජලය පමණක් ලබාගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ මේ දිනවලදී ඔබගේ ශරීරයේ යම් කිසි ස්ථානයක තුවාලයක් නැත්නම් සීරිමක් වගේ සමේ යම් හානිවීමක් සිදුව ඇත්නම් ඔබ ගංවතුරට නිරාවරණය වුයේ නම් අනිවාර්යයෙන්ම මී උණ වැලඳීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකියි. ඒ නිසා ඔබ මී උණ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමු වන්න.”

මේ අතර පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් පවුල් 40,758කට අයත් පුද්ගලයින් 159,511 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 3ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories