2025 මැයි 06 අඟහරුවාදා, 09:09
නවතම පුවත්

රේගුවට වංචා කලොත් අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට පියවර

රේගු වංචා අවම කර බදු නිවැරදිව අයකර ගැනීමට සඳහා රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර ඇත.

මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙළඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බව සඳහන් වේ.

ඒ අනුව, රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ෂණයකදී වරදකරුවන් වන පුද්ගලයන්ගේ සහ ආයතනවල විස්තර ප්‍රසිද්ධ කිරීමට තීරණය කර තිබේ.

එසේම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මුල්‍ය බුද්ධි අංශයේ මඟ පෙන්වීම මත මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා ඇති බව දැනුම් දී ඇත.

එමෙන්ම ඉදිරියේදී රේගු වැරදිවලට සම්බන්ධවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මුල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද කටයුතු කරනු ඇති බව සඳහන් වේ.

මෙම වසරේ ජූනි මාසයේ සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර http://http:/www.customs.gov.lk යන රේගු වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු මහජනතාවට දැනගත හැකි වන සේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් දැනුම් ද ීතිබේ

නවතම පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

උණුසුම් පුවත්

Web 20 (2)
හෙට අවධානය යොමු කල යුතු මට්ටමක උණුසුමක්
හෙට අවධානය යොමු...
Web image new template new (1)-Recovered-Recovered
පාකිස්ථානය නැවතත් මිසයිලයක් අත්හදා බලයි
යුද පුහුණු අභ්‍යාසයක්...
Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web image new template new (1)-Recovered-Recovered
හෙට බැංකු විවෘතව තබන වේලාවන් මෙන්න
පළාත් පාලන මැතිවරණය...

දේශපාලන

Web 19 (2)
මර්වින් සිල්වා 19 දක්වා රිමාන්ඩ්
මර්වින් සිල්වා 19...
Web 18 (2)
මැතිවරණ නීති කඩමින් පොලිසියට මරණ තර්ජන කළ පුද්ගලයෙක් දැලේ
මැතිවරණ නීති කඩමින්...
Web 17 (3)
ප්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප්‍රචාරක පත්‍ර බෙදූ අපේක්ෂකයාට වැඩ වරදී
ප්‍රභාකරන්ගේ රුව...
Web 13 (3)
පුංචි ඡන්දෙට හෙට සුරාසැල් වැ​සේ
පුංචි ඡන්දෙට හෙට...

Categories