ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල” ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්‍රව තිබුණා. එ නම්,
ඒ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී යි.
එම ඇගයීම් උත්සවයෙදි සංවිධානය කර තිබුණේ ව්‍යවස්ථාදායක සභාවේ අවිපක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉවාන් මුල්හෝලන්ඩ්, විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් වෙල්ච් යන ගෞරවණීය පිරිසක සහභාගීත්වයෙනි.
ඒ අනුව මෙරට සංගීත පුරාවෘත්තයන් ලෙස සැලකෙන ප්‍රවීණ සංගීත ශිල්පි රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා හට ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මාන ද්විත්වයක් පිරිනමා තිබුණා.