ගුවන් ප්‍රහාර අවදානමක් හේතුවෙන් රුසියාවේ මොස්කව් අගනුවර සියලු ගුවන් තොටුපළවල් වසා දමා තිබේ.
අගනුවරට එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර 19 ක් ව්‍යර්ථ කළ බව මොස්කව් නගරාධිපතිවරයා පැවසූ අතර, මෙම ඩ්‍රෝන ප්‍රහාර වල සුන්බුන්, ප්‍රධාන අධිවේගී මාර්ගයකට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ගුවන් ආරක්ෂාව තහවුරු කිරීම සදහා බලධාරීන්, මොස්කව් නුවර ප්‍රධාන ගුවන් තොටුපළ හතරම එලෙස තාවකාලිකව වසා දමා තිබේ.