රුසියාව සිය හමුදාවේ සමස්ත ප්‍රමාණය මිලියන 2.39කට ආසන්න ප්‍රමාණයකට සහ ක්‍රියාකාරී හමුදා භටයින් සංඛ්‍යාව මිලියන 1.5 දක්වා වැඩි කළ යුතු බව රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එරට හමුදාවේ ප්‍රමාණය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ සඳහා වයස අවුරුදු 18-30 අතර තරුණයින් 160,000ක් කැඳවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
එය 2011 වසරෙන් පසු රුසියාවට බඳවා ගැනීමට නියමිත වැඩිම හමුදා භටයින් සංඛ්‍යාව ද වේ.
එය ඉදිරි වසර තුන තුළ 180,000ක වැඩිවීමක් වන අතර රුසියාව එය “විශේෂ හමුදා මෙහෙයුම” ලෙස හඳුන්වා තිබේ.
යුක්‍රේනය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා මෙම හමුදා භටයින් යොමු නොකිරීමට රුසියානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.