රුසියාවේ කුරිල් දූපත් ආශ්‍රිත ප්‍රදේශයට අද (ජුනි 14) ප්‍රබල භූ කම්පනයක් බලපා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රික්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන් වූ බවත් මෙම භූ කම්පනය කිලෝමීටර් 12ක් මුහුදු අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. තත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.