රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් සිදුව තිබුණා.
ඒ ඊයේ (ඔක් 18) ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී යි.
එහිදී දෙපාර්ශවය අතර, සුහද සාකච්ඡාවක් සිදුව තිබුණා. එම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවදානය යොමුව තිබුණේ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳවයි.
එමෙන්ම මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව තිබුණා.
රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් Sergey Belyankin සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.