පුද්ගලික පංති සදහා පැමිණෙන ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සඟවා තැබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ ස්ථාන ගතවී සිටින උතුරු පළාත් විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (01) දා දින අම්බාල් නගර් ප්‍රදේශයේ මෙම වැටලීම් සිදු කර ඇත.
ඒ අනුව අයිස් ග්‍රැම් 108, මිලිග්‍රැම් 350ක් සඟවා තිබියදී සොයා ගෙන තලෛමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.