2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:21
නවතම පුවත්

රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත සහල් රාජසන්තක කරයි

රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත සහල් තොගයක් රාජසන්තක කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි.

එම අධිකාරිය විසින් පසුගිය මස කොළඹ 12 , පරණ යොන් වීදිය පිහිටි ෆර්වින් ට්‍රේඩර්ස් නමැති ආයතනයේ සිදුකරන ලද වැටලීමකදී කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගන නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධව එම වෙළෙදසැලෙහි හිමිකරු වන අබ්දුල් ජබ්බාර් මොහොමඩ් සීයාස් සහ එහි කළමනාකරු වන කුරුප්පන් මුරුගයියා යන අයට එරෙහිව පසුගිය මස 11 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයහි (අංක 5) නඩු පවරා තිබුණි.

අදාල නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් පෙබරවාරි මස 11 වැනිදා වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10000බැගින් රුපියල් 20000ක දඩ මුදලක් නියම කරන ලදී . එහිදී එම වෙළදසැලේ සගවා තබා තිබියදී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබු අතර ඊයේ (18) අධිකරණය විසින් රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළෙඳපල වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කරනු ලැබීය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැතිබව ප්‍රකාශ කල අවස්ථාවක අදාල වෙලෙන්දා වැරදිකරු වූවහොත් ඊට අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට අධිකරණයට හැකියාව පවතී.

වෙළෙදපොලේ සහල් වැඩි මිලට අලෙවිකිරීම සහ සගවා තබාගැනීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදුකරනු ලබන වැටලීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සිදුකරන ලෙසත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories