2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:59
නවතම පුවත්

රිළා සංගණනයට මෙහෙයුම් මැදිරියක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ උපදෙස් පරිදි, වනසතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය අවමකර ගැනීමට සහ විසඳුම් සෙවීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.

බෝගවලට වැඩිම හානියක් සිදුකරන වඳුරන්, දඬුලේනුන් සහ මොනරුන් සංඛ්‍යාව ගණනය කිරීම සඳහා යෝජිත වනජීවී සංගණනය පැවැත්වීම විශේෂ කමිටුව විසින් අධීක්ෂණය කරනු ලැබේ.

ඒ අනුව, මෙම සංගණනය මාර්තු 15 වැනි දින පෙ.ව. 8.00 සිට 8.05 දක්වා රට පුරා පැවැත්වීමට නියමිතය.

අදාළ පත්‍රිකා බෙදාහැරීම ද මේ වන විට සිදුවෙමින් පවතින බව අමාත්‍යාංශය නිවේදනය කළේය.

සෙනසුරාදා පැවැත්වීමට නියමිත සත්ව සංගණනය වඩාත් නිවැරදිව හා කාර්යක්ෂමව පැවැත්වීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

සත්ව සංගණනයේදී පැනනගින ඕනෑම ගැටළුවක් පිළිබඳව විමසීම සඳහා මෙහෙයුම් මැදිරිය ඊයේ (11) සිට ක්‍රියාත්මක වේ.

ඕනෑම විමසීමක් සඳහා 011-2034336 ක්ෂණික දුරකථන අංකය හරහා මෙහෙයුම් කාමරය අමතන්නැයි විශේෂ කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

බෝගවලට හානිකරන වන සතුන් සංඛ්‍යාව සලකුණු කිරීම සඳහා ලබා දී ඇති පත්‍රිකාව කිසිවකුට නොලැබුණේ නම්, අදාළ කාලසීමාව තුළ පැමිණෙන සතුන් පිළිබඳ සටහනක් තබන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.

ප්‍රජා සහභාගීත්වයෙන් පවත්වනු ලබන මෙම සංගණනය සඳහා අදාළ කාලසීමාව තුළ මහජනතාවගේ සහයෝගය ද ඔවුහු ඉල්ලා සිටිති

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories