2025 අගෝස්තු 15 සිකුරාදා, 07:22
නවතම පුවත්

රිළා ප්‍රශ්නය ස්ථීරවම විසඳන බව ලාල්කාන්ත කියයි

මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි.

අද (13) කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ රජයක් ලෙස මේ මොහොතේ රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කිරීමේ දැඩි අධිෂ්ඨානයකින් පසුවන බවය.

“අපි අධිෂ්ඨානයක ඉන්නවා රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කරන්න. ඒක ස්ථිරව කරනවා ඒක නොකර කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්න බැහැ. කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි ජන ජීවිතයේ අනෙකුත් පැතිකඩත් බිඳ වැටිලා තියෙන්නේ. විශේෂයෙන්ම රිළවුන්ගේ ප්‍රශ්නේ විසඳනවාමයි… කවුරුත් සැකයක් තියාගන්න එපා මොන අභියෝගය ආවත් ඒක විසඳනවා. රට යැවීම ගැනත් සලකා බලනවා. අපේ රටේ දූපත් තියෙනවා ඒ දූපත්වලට යැවීම සම්බන්ධයෙනුත් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් සකස් කරමින් තියෙනවා ඒක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වන ආකාරයට. ඒ නිසා සංචාරක කර්මාන්තයත්, ගොවිජන ජීවිතයත්, පොදුජන ජීවිතයත් සලකලා බලලා මේකට අපි උත්තරයක් හොයන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.”

මේ අතර විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි ඉල්ලීමට සූදානම් වීම සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් පළකළේය.

“ඒක හොඳයි ඉතිං හොයපුදෙන්.. ඒක අවශ්‍ය දෙයක් නම්, සමාජයට ඕන දෙයක් නම්, ඒක නම් ප්‍රශ්නේ, ඒකෙන් නම් උත්තරේ එන්නේ හෙව්වාට කිසි ප්‍රශ්නයක් නෑ…. මගේ එක හොයන්න කියන්නකෝ ඔක්කොටම කළින් පුළුවන් නම්. ලාල් කාන්ත… එච්චරයි… වෙන මුකුත් නෑ…”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories