2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 04:41
නවතම පුවත්

රිය අනතුරකින් මියගිය කැලණිය සරසවි ආචාර්යවරයාගේ බිරිඳත් ජීවිතක්ෂයට

පසුගිය දා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද (26) ජීවිතක්ෂයට පත්ව තිබෙයි.

තොරතුරු වාර්තා වන පරිදි ඇය ද පසුගියදා සිදු වූ රිය අනතුරින් පසුව බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් යුතු ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇත.

මිය ගිය සතිෂා නිලන්ති මහත්මිය ද විශ්වවිද්‍යාල කථිකාචාර්‍යයවරියකි.

පසුගිය දා ආචාර්යවරයා සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳගේ පවුලේ උදවිය සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දී යි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ අනතුරකින් ආචාර්ය ගයන්ත මහතා ඒ මොහොතේම ජීවිතක්ෂයට පත් විය.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ, බිරිදගේ බාල සහෝදරයා හා බිරිඳගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර බිරිඳගේ මව හා දරුවන් තිදෙනා ම සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණි.

එම අනතුරෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි සතීෂා නිලන්ති මහත්මියගේ සහෝදරයා ද පසුගියද ජීවිතක්ෂයට පත් විය.

අද දිනයේ දී ජීවිතක්ෂයට පත් වූ සතීෂා නිලන්ති මහත්මිය මියයන විට 42 හැවිරිදි වියෙහි පසුවූ තුන් නිවුන් දරුවන්ගේ මවකි.

සතිෂා නිලන්ති මහත්මිය කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර 1983 වර්ෂයේ උපත ලබා තිබෙයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories