2025 ජූනි 21 සෙනසුරාදා, 18:21
නවතම පුවත්

රිමාන්ඩ් කරපු ලොහාන් බන්ධනාගාර රෝහලට

නීතිවිරෝධී ලෙස විදේශයක සිට මෙරටට ගෙන්වා ශ්‍රී ලංකාවේදී එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලට මාරුකර යවා තිබේ.

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී මිරිහාන පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබිණි.

මිරිහාන පොලිස් ස්ථානය මගින් රත්වත්තේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

කෙසේවෙතත්, වැඩබලන මහේස්ත්‍රාත්වරයා රත්වත්තේට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දුන්නේය.

නුගේගොඩ – මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිවරයා මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .

ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථය 2024 ඔක්තෝබර් 26 වැනි දින සොයාගත් බව ද පොලිසිය සඳහන් කළේය.

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබේ.

පරීක්ෂණවලදී රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම පොලිසියට පැහැදිලි කර ඇත්තේ ඔහුගේ නැන්දම්මා එම නිවසේ පදිංචිව සිටින බවයි.

පසුගියදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයාගත් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෝටර් රථය සති තුනකට පෙර එහි ගෙනවිත් ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත .

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories