මුහුණ පුරා රැවුල නැති ආරක්ෂක අංශ සාමාජිකයින් 280 දෙනෙකුට ෂරියා නීතිය යටතේ දඬුවම් ලබාදීමට ඔවුන් සේවයෙන් නෙරපා හැරීමටත් ඇෆ්ගන් තලෙයිබාන් රජය තීරණය කර තිබෙනවා.ඇමරිකන් හමුදාව එරටින් යෑමෙන් පසුව තලෙයිබාන්වරු යළි ඇෆ්ගන් බලය පිහිටුවා ගත් අතර ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාවට නන්වයි.එම නීතියට අනුව පිරිමි සියලු දෙනා රැවුල වැවිය යුතු බව සදාචාරය සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති අමාත්‍යාංශය නියෝගකර සිටියේය.මෙලෙස රැවුල නො වැඩීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 280කට වැඩි පිරිසක් සේවයෙන් පහ කර ඇති අතර පසුගිය වසරේ අශීලාචාර ක්‍රියා සම්බන්ධයෙන් 13000කට වැඩි පිරිසක් ඇෆ්ගනිස්තානයේ රඳවාගෙන ඇති බවයි වාර්තාකර සිටියේ.