2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:49
නවතම පුවත්

රැප් ගායක කානිගේ බිරිඳ ග්‍රැමී සම්මාන උළෙලේ දී නිරුවත් වෙයි

2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) සහ ඔහුගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) එම උළෙලින් ඉවත් කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.

ඊට හේතුව වූයේ බියන්කා සෙන්සෝරි, සම්මාන උළෙලේ රතු පළස මතින් යාමේ දී නිරුවත් වීමයි.

කානි වෙස්ට්, මෙවර පැවැත්වෙන 67 ග්‍රැමී සම්මාන උළෙලේ සම්මානයක් සදහා නිර්දේශ වී තිබුණි.

කානි වෙස්ට්, ටයි ඩොලා සයින් නම් ශිල්පියා සමඟ එක්ව නිර්මාණය කළ “Carnival” නැමැති ගීතය මෙලෙස නිර්දේශ වී තිබූ බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

මතභේදයට තුඩු දුන් 47 හැවිරිදි රැප් ගායකයා සහ ඔහුගේ බිරිඳ වන 30 හැවිරිදි ඕස්ට්‍රේලියානු නිරූපිකාව බියන්කා මෙම අවස්ථාවට දිගු කළු ලොම් කබායකින් සහ විනිවිද පෙනෙන ඇඳුමකින් සැරසී සහභාගී වී සිටියේය.

කෙසේවෙතත්, සෙන්සෝරි රතු පලස මතදී ඇගේ කළු කබාය ඡායාරූප ශිල්පීන් ඉදිරියේ ඉවත් කළ අතර එහිදී ඇය ඉතා දුහුළු කුඩා ඇඳුමකින් සැරසී සිටිය නමුත් එය දිස්වූයේ සම්පූර්ණයෙන්ම නිරුවත් පෙනුමකිනි.

එහිදී ඇති වූ ව්‍යාකූලතාවය හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් ඔවුන් දෙපළ එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙවැනි සම්මාන උළෙලකදී ඒ අතර තුර මෙවැනි නිරුවත් වීමේ ක්‍රියාවක් කෙතරම් දුරට සුදුසු දැයි සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක්ව තිබේ .

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories