හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන ජූලි මස 30 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.
මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ, තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර, තමන්ට ඇප ලබා දෙන ලෙසයි.
මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරිය පෙන්වා දුන්නේ, ඇප ප්‍රතික්ෂේප කිරීමට අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවේ පිටපත මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බැවින්, මේ අවස්ථාවේදී පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.
ඒ අනුව, අදාළ ඇප තීන්දුවේ පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහාධිකරණ විනිසුරුවරිය, රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දුන්නේය.
ඉන් අනතුරුව, පෙත්සම සලකා බැලීම ලබන 30 වැනිදා දක්වා කල් තැබිණි.