2025 මැයි 03 සෙනසුරාදා, 23:06
නවතම පුවත්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු සඳහා අයදුම්පත්‍ර කැඳවයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා ඒ සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වේ නම් එවැනි තැනැත්‍තෙකුට මෙයට ඉල්ලුම් කර නොහැකිය.

රජයේ නිලධාරියෙකු හෝ අධිකරණ නිලධාරියෙකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටින කෙනෙකු මෙම තනතුනට ඉල්ලුම් කර ඔහුට හෝ ඇයට එම තනතුර හිමි වුවහොත් පෙර සිදුකළ රාජකාරිය නැවැත්වීමට සිදුවන අතර රාජ්‍ය නිලධාරියෙකු හෝ අධිකරණ නිලධාරියෙකු ලෙස තවදුරටත් පත් කරනු ලැබීමට ඒ තැනැත්තා නුසුදුස්සෙකු වනු ඇති බවද දැනුම්දී ඇත.

මේ සඳහා වන අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ www.parliament.lk ක්ෂණික සබැඳි යටතේ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇත.

ආකෘතිය අනුව පිළියෙළ කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 සැප්තැම්බර් මස 23 දින හෝ එදිනට පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

එසේත් නැතිනම් constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකිය.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුය.

නවතම පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

උණුසුම් පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

දේශපාලන

Web image new template new (1)-Recovered
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි - පාඨලී අනතුරු අඟවයි
එක්සත් ජනරජ පෙරමුණේ...
Web 11 (3)
සමගි ජන බලවේගයේ මැයි රැළිය ඛේදවාචකයක් - අගමැතිනි -
සමගි ජන බලවේගයේ...
Web 09
රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා - සාගර
රජයට විරුද්ධ සියලු...
Web 08 (2)
ජූනි සිට විදුලි ගාස්තු වැඩි කිරීමක් - ජනපති
ජූනි සිට විදුලි...

Categories