ජනාධිපතිධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (14) පෙරවරුවේ නාම යෝජනාවලට අත්සන් තබා තිබෙනවා.මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද නාවල පිහිටි ඔහුගේ නිවසේ දී ඔහු නාමයෝජනා සඳහා අත්සන් තැබුවා.ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා ඇප මුදල් තැන්පත් කළා.