රසාරා විජේසූරිය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් කාන්තා මීටර් 10000 ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබේ .
ඇය මේවනවිට කැලණි විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා ශිෂ්‍යාවක් ලෙස ඉගෙනීම් කටයුතු කරන අතර ඇය මෙම වාර්තාව තැබුවේ අද උදෑසන දේගම ක්‍රීඩාංගණයේ පැවැති පළමු ජාතික තේරීම් අත්හදා බැලීමේදීයි .
ඒ අනුව ඇය 2017 දී හිරුණි විජේරත්න විසින් තබා තිබූ 33.55.04 වාර්තාව අභිබවා යමින් 33.39.60 කින් නව වාර්තාවක් පිහිටුවන්නට සමත් වී ඇත .