2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:57
නවතම පුවත්

රනිල් හා සිරිසේන වංචා, දූෂණ පරීක්ෂණ සියගාණක් යහපාලනයෙදි නතර කළා – පොලිස් ඇමති

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපළගේ යහපාලන ආණ්ඩුව සමයේදී, වංචා සහ දූෂණ නඩු සිය ගණනක් පිළිබඳ පරීක්ෂණ නතර කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවැසීය.

“මම යහපාලන රජය සමයේ දූෂණ විරෝධී ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. අපට පැමිණිලි 1,200ක් ලැබුණු අතර ඉන් 500 ක් අල්ලස් කොමිසම, FCID සහ CID වැනි විවිධ ආයතන වෙත විමර්ශන සඳහා යොමුකරනු ලැබුවා. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම යම් යම් දේශපාලන ගනුදෙනුවලට එළඹීමෙන් පසු මේවායින් බොහොමයක් නතර කළා. කෙසේවෙතත්, වත්මන් රජය මෙම පැමිණිලි බොහොමයක් සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා” අමාත්‍යවරයා සඳහන් කළේය.

මූල්‍ය අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විවිධ පුද්ගලයන් උපය ගත් රුපියල් බිලියන ගණනක වත්කම් වත්මන් ආණ්ඩුව විසින් රාජසන්තක කර ඇති බව ඔහු පැවැසීය.

“මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් බිලියන 4.5 ක් සහ මූල්‍ය අපරාධවලින් උපයා ගත් රුපියල් බිලියන 1.05ක් මේ දක්වා රාජසන්තක කර තිබෙනවා” අමාත්‍යවරයා අනාවරණය කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories