අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාරයට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය උපදෙස් මත දැනට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඊයේ (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය, වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ගත හැරීමට නියෝග කළ අතර, රුධිර පීඩනය සහ රුධිර සීනි මට්ටම් ඉහළ යාම හේතුවෙන් ඔහු රෝහලට ඇතුළත් කර තිබේ.
අද (23) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහලට ගොස් රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලූ අතර, එම අවස්ථාවට සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාද පැමිණ සිටියහ.
මෙය මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් පළමු වතාවක් ලෙස සටහන් වෙයි.