ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරුවේ කොළඹ දී විශේෂ උත්සවයක් පවත්වමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතය.
එම අවස්ථාව සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බව වාර්තා වනවා.
මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද අද දිනයේ එළිදැක්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පළමුව මහනායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට සැලසුම් කර ඇති බවය.