රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24) පැවසීය.
අනෙක් අය ප්‍රාණ ඇපකාරයන් බවට පත්කර ගන්නට නම් රනිල්ට පුළුවන් බව සේනාරත්න මහතා කීය.
රනිල් දෙතුන් දෙනෙක්ගේ ප්‍රාණ ඇපකාරයෙක් බවට පත්වී ඇතැයි රවී කරුණානායක මහතා කර තිබූ
ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවේදී
මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්
සේනාරත්න මහතා මේ බව කීය.
කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.