2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:47
නවතම පුවත්

රනිල්ට පිල්ලෙයාන් එක්ක තියෙන ගනුදෙනුව හොයන්න CID විමර්ශනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප්‍රධානියකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ‘දිනමිණ’ වාර්තා කරයි.

‘දිනමිණ’ වාර්තාවේ මෙසේද සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ඔහුගේ ආරක්ෂක අංශ ප්‍රධානියකු මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වෙත දුරකතන ඇමතුමක් ඔස්සේ යොමු කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

රැඳවුම් නියෝගයක් මත රඳවා සිටින සැකකරුවකු සමඟ එසේ දුරකතනයකින් කතාබහ කිරීමට අවස්ථාවක් දිය නොහැකි බව සඳහන් කරමින් එම නිලධාරියා විසින් එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ. අනතුරුව ඔහු ඒ බව සිය උසස් නිලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

“රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකරුවන් සමඟ දුරකතනයෙන් කතාබහ කිරීමට මෙන්ම ඥාතීන් හෝ නීතිඥවරු හැරුණුකොට කිසිවකුටත් හමුවීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොඳාකාරව දැන සිටින අයෙක්. එහෙම තිබියදී පිල්ලෙයාන් සම්බන්ධයෙන් ඇයි එතුමාට දුරකතන ඇමතුමකින් කතා කරන්න තරම් විශේෂත්වයක් ඇති වෙලා තියෙන්නේ කියන එක අපි හැමෝටම ගැටලුවක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ විවිධ පුද්ගලයන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරලා තියෙනවා. දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් පවා බොහෝ අය ඒ අතර සිටිනවා. ඒත් ඒ කිසිම අයකු සමඟ කතා කරන්න තිබ්බ නැති උනන්දුවක් ඇයි පිල්ලෙයාන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට තියෙන්නේ කියන එක සොයා බැලිය යුතුම කාරණාවක්“ යැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත යොමු කර ඇත්තේ යැයි පැවසෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව භාරව සිටින පෞද්ගලික පොලිස් ආරක්ෂකයාය. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කර අනතුරුව හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව ද එම නිලධාරියා සඳහන් කළේය.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories