2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:14
නවතම පුවත්

රනිල්ට දුන් ආරක්ෂාව ගැන පතුරුවන කතා බොරු

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අපහාසාත්මක තොරතුරු සමාජගත කළ පුද්ගලයන් පිළිබදව වැඩ බලන පොලිස්පතිවරයාගේ අවධානය යොමු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කොළඹදී ඊයේ (ඔක්. 7) පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරය භාවිත කිරීම, ආහාර පාන ලබාගැනීම මෙන් ම ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් පිළිබඳව ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයක් අසත්‍ය පුවත් නිර්මාණය කර සමාජයේ වෛරයක් ඇතිකරවීමට උත්සාහ කරන බව ද නියෝජ්‍ය නායකයා සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඉවත් කර තිබෙන බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන නමුත් වැඩ බලන පොලිස්පතිවරයා එම පුවත ප්‍රතික්ෂේප කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

වැඩ බලන පොලිස්පතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති, මානව සම්පත් කළමනාකරණ සිසිර කුමාර පෙරේදා (ඔක්. 6) සවස ස්ථාන මාරුවීම් දක්වමින් ලිඛිත නියෝගයක් නිකුත් කර තිබෙන බවටත්, ඒ අනුව අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාස වෙත වහා ම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස නියෝග ලබා දී තිබෙන බවටත් සමාජ මාධ්‍ය වාර්තා කර තිබූ බව ද විජයවර්ධන මහතා කීය.

මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී පැය කිහිපයකට පසුව වැඩ බලන පොලිස්පතිවරයා එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බව ත් ආරක්ෂාවට සිටි සියලු නිලධාරීන් ආරක්ෂක රාජකාරිවල සිටින බව ත් ප්‍රකාශ කර ඇතැයිද නියෝජ්‍ය නායකයා පැවසීය.

එසේ ම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ජනාධිපති මන්දිරය පෞද්ගලික පරිහරණයට යොදා නොගෙන නිල රාජකාරිවලට පමණක් භාවිත කළ බව ද හෙතෙම සඳහන් කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ සමයේදී කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය දේශීය සහ විදේශීය නිල රාජකාරිමය අවස්ථාවන්හිදී පමණක් භාවිත කළ බව ත් හිටපු ජනාධිපතිවරයා සහ වික්‍රමසිංහ මහත්මිය ඔවුන්ගේ පෞද්ගලික නිවසේ වාසය කළ බව ත් ඔහු කීය.

හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ බිරියගේ අවශ්‍යතාවන් මත මුද්‍රිත ආහාර වට්ටෝරු, විදේශීය සුඛෝපභෝගී ආහාර පිළියෙල කිරීම හෝ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගෙන නැතැයිද රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

ජනාධිපති මන්දිරයේ නිල උත්සව වලට පැමිණෙන අමුත්තන්ට දේශීය ආහාරපානවලින් සංග්‍රහ කිරීමට ජනාධිපති මන්දිරයේ සේවය කරන සූපවේදීන්ගේ උපදෙස් මත දේශීය සැපයුම්කරුවන් මාර්ගයෙන් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගෙන ඇතැයිද නියෝජ්‍ය නායකයා ප්‍රකාශ කළේ ය.

එසේම පසුගිය දින කිහිපයේදී වර්තමාන ආණ්ඩුවට හිතවත් පාර්ශ්වය හිටපු ජනාධිපතිවරයා විසින් භාවිත කළ ජනාධිපති මන්දිරයේ මුළුතැන්ගෙය යැයි කියමින් විදේශ රටක මුළුතැන්ගෙයක වීඩියෝවක් සමාජගත කර තිබෙන බව කී හෙතෙම එවැනි තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය නිසි ලෙස වටහාගත නොහැකි අඩු බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයන් එය සමාජජාල මාධ්‍ය තුළ හුවමාරු කරමින් සිටින බව ත් සඳහන් කළේ ය.

රනිල් වික්‍රමසිංහ මහතා සුඛෝපභෝගී ආහාර සහ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගත් බවට පළකරන පුවත් අසත්‍ය මෙන්ම මුළුමනින් ම දේශපාලන වෛරයක් පිරිමහ ගැනීම සඳහා කරනු ලබන පහත් ගනයේ ඒවා පමණක් යැයිද ඔහු පැවසීය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories