මීට සුළු මොහොතකට පෙර පැවති පොලිස් මාධ්‍ය සාකච්ඡාවේ නීති නියෝජ්‍ය පොලිස්පති සදහන් කළේ රනිල්ගෙ පුද්ගලික සංචාරයට වියදම් කළ එක්කෝටි හැටදෙලක්ෂ හැත්තදාස් පන්සිය හැත්ත දෙකක මුදල තුළ සංචාරය සදහා වැයවූ ගුවන් ටිකට් වල මුදල පිළිබද කිසිදු සදහනක් සදහන්ව නොමැති බවයි.
මෙම දින දෙකක සංචාරයේ වැඩසටහන් විස්තරය තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතා හමුවීම් කිසිදු කරුණක් සදහන්ව නැති බවත් ඒ නිසා මෙය පුද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් අවාභාවිතා වීමක් බවත් වීමර්ශනවලින් හෙළිව තිබේ.
මෙම මුදල් එකල ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඒ හරහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගෙවා ඇති බවත් හෙළිව තිබේ.
අදාළ මුදල පමනක් සම්පූර්ණයෙන් රනිල් ,එම මැතිණිය හා පුද්ගලික ලේකම්ගේ වියදම් සදහා වැයව ඇත.
ලක්ෂ 32කට වැඩි මුදලක් වෙනම පොලිසිය හා නාවික හමුදා සදහා වැයව තිබේ.