2025 අගෝස්තු 15 සිකුරාදා, 19:47
නවතම පුවත්

රනිල්ගේ බාර් කතාවටඇමති නලින්දගෙන් සැර උත්තරයක්

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බව සඳහන් කරමින් ඒ මහතාගේ කාර්යාලය ඊයේ (9) නිකුත්කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වූයේ මත්පැන් බලපත්‍ර ලබාදීම මගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයාගත් බවයි.

තවදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිව්වා අවුරුද්දකට බාර් ලයිසන් 250ක් 300ක් දීලා ඒකෙන් ලැබෙන බදුවලින් අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කරන්න බලාපොරොත්තුව තිබ්බේ කියලා. මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මේ ආකාරයට ඉතාම උපහාසයෙන් යුතුව අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.

බාර් ලයිසන් දෙන එක නෙමෙයි වැඩේ. ඒ බාර් ලයිසන් දීලා ඒ විකුණන අරක්කුවලට ජනතාව ගෙවන බදු මුදල් එකතු කරගන්නවත් රනිල් වික්‍රමසිංහලා කටයුතු කරලා තිබුණේ නෑ. උදාහරණයක් ලෙස ඇලෝසියස්ට අයිති සමාගම් තුනේ ඔවුන්ගේ හිඟ බදු සහ අධිභාරය තියෙනවා 2022 ඉදන්. බාර් ලයිසන් දෙන්න තීන්දු ගන්නකොට නොගෙවූ බදු එකතු කරන්නත් තීන්දුව ගන්න තිබුණා.

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු තියෙනවා බිලියන 7කට ආසන්න ප්‍රමාණයක්. අපි කටයුතු කරන්නේ එම බදු අයකර ගන්න. අපට පනතෙන් බලය තිබුණා නම් ඒ හිඟ බදු වෙනුවට, ඔවුන්ගේ දේපොළ රජයට අත්පත් කරගන්න…ඒකත් රජය කරනවා.

ඒ නිසා රනිල් වික්‍රමසිංහට කියන්න කැමතියි මේ රටේ බාර් වවන වෙලාවේ පොල් වැව්වා නම්, රටේ වී ගබඩාටික හැදුවා නම් අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ”.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories