“එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” පක්ෂය යටතේ ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික් ස්වාධීන අපේක්ෂක කේ.එම්.මහින්ද සේනානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම මගින් රාමනායක මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතියක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ඉල්ලා තිබෙනවා.