පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පවසයි.
ඇතැම් ව්‍යාපාරිකයින් විසින් වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අතර පසුගිය දින කිහිපය තුළ පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 140කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබෙනවා.
ඊයේ දිනයේ සිදුකළ වැටලීමක දී වැඩි මිලට සහල් අලෙවි කළ ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට එරෙහිව රුපියල් ලක්ෂ 10ක දඩයක් පැනවීමට ද කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.