හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මියයාමේ සිද්ධියේ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාර දී තිබෙනවා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මහනුවර,කටුගස්තොට, මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේ මහතාට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී වෙඩි වැදී මිය ගියේ ඊයේ (20) දහවල් කාලයේදීය.
එලෙස මියගිය පෞද්ගලික ලේකම්වරයාගේ වයස අවුරුදු 50ක් වන අතර ඔහු වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය ලේකම්වරයාට අයත් බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි වැදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.