2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:47
නවතම පුවත්

රත්නපුර මහ සමන් දේවාලයේ ‘බස්නායක නිලමේ ඡන්දය’ උසාවිය අත්හිටුවයි

රත්නපුර ‘සබරගමුව මහ සමන් දේවාලයේ’ හෙට (11) පැවැත්වීමට නියමිතව තිබූ ‘බස්නායක නිලමේ’ තනතුර සඳහා වන නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (10) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

දේවාලයේ තාවකාලික ප්‍රධාන භාරකරු ලෙස පත්කර සිටි එස්.වී. චන්ද්‍රසිංහ ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසු මෙම තහනම් නියෝගය නිකුත් කරන ලද අතර, එම නියෝගය පෙබරවාරි 20 වැනි දින දක්වා බලපැවැත්වෙනු ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු අදාළ නිලවරණය පවත්වන ආකාරය නීතිවිරෝධී බව පවසමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මීට පෙර, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් එස්.වී. චන්ද්‍රසිංහ පත්කිරීමට ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් ද අධිකරණය විසින් පැනවීය.

‘සබරගමුව මහා සමන් දේවාලයේ’ හිටපු ‘බස්නායක නිලමේ’ මිගාර ජයසුන්දර, බස්නායක නිලමේවරුන්ගේ සංසදයේ සභාපති හේමන්ත බණ්ඩාර සහ එහි ලේකම් ප්‍රියන්ත බණ්ඩාර ජයසුන්දර විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව එහි තාවකාලික ප්‍රධාන භාරකරු ලෙස චන්ද්‍රසිංහ කටයුතු කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories