හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අය අත් අඩංගුවට ගන්නා ලෙස අද (18) වරෙන්තු නිකුත්වී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය හා පොලිසිය විසින් අධිකරණ දෙකකින් සිදු කළ ඉල්ලීම් අනුව මෙම වරෙන්තු නිකුත්කර ඇත. එහිදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග ලබාදී ඇත.