2025 අගෝස්තු 15 සිකුරාදා, 19:16
නවතම පුවත්

රට බංකොලොත් භාවෙන් මුදා ගන්න ජනවරම මට දෙන්න

නැවත සිඟමනේ යනව ද? නම්බුව තියා ගෙන ඉන්නවා දැයි ජනතාව ලබන 21 වන දා තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (සැප්. 18) පැවසීය.

තුන් සිංහලයට නැවත හිඟාකෑමට ඉඩ නොදෙන බව කී ජනාධිපතිවරයා කවර අභියෝග පැමිණිය ද රටේ ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව අවධාරණය කළේ ය.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් හෙතෙම මේ බව කීවේ ය.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“මම අවුරුදු දෙකකට පෙර ජූලි මාසයේදී මේ රටේ වගකීම භාරගත්තේ ආර්ථික අර්බුදය විසඳන්න. මැයි මාසේ වෙන කවුරුවත් මේ රටේ වගකීම භාර ගන්න ප්‍රතික්ෂේප කරපු අවස්ථාවේදී අගමැතිකම දෙනකොට දිව්ව අවස්ථාවේදී මම ඒ වගකීම භාරගත්තා. ජූලි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා ම මම ජනාධිපතිකම භාරගත්තා. එදා ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩා වැටිලා තිබුණේ. අපි බංකොලොත් කියලා ප්‍රකාශ කළා. අපිට විදේශ විනිමය තිබුණේ නෑ. ඒ යුගය මං අලුතෙන් කියන්න වුවමනා නෑ. මෙතැන සියලු දෙනා ම මට වඩා හොඳට කියාවි කොහොමද පෝලිමේ හිටියේ කියලා.

පෝලිමේ හිටපු නැති ගෙයක් හොයන එක අමාරුයි. ඒක කිසාගෝතමී කළ වැඩේටත් වඩා අමාරුයි. පෝලිමේ හිටපු නැති ගෙයක් හොයාගන්න බැහැ. මේ තත්ත්වය වෙනස් කරලා රට බංකොලොත්භාවයෙන් ඉවත් කරන්නයි මම භාරගත්තේ. ඒකෙ පළමු අදියර මම අවසන් කර තිබෙනවා.

මම අයි.එම්.එෆ්. සංවිධානයත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් සමග සාකච්ඡා කරලා අපේ ණය විසඳීමට තිබෙන තිරසර වැඩසටහනක් වන ලංකාව වැනි මධ්‍යම ආදායම් ලබන රටකට සුදුසු ගිවිසුමකට පැමිණියා. දෙවනුව මෙම කණ්ඩායම් තුනෙන් අපිට ණය දුන්නු රටවල් 18ක් තිබුණා. 17ක් එක්ක වෙන ම කළා, චීනය එක්ක වෙන ම කළා. ඒ 18 එක්කත් වැඩ කටයුතු අවසන් කරලා තිබෙන්නේ. ඒ විධියට කණ්ඩායම් තුනෙන් දෙකක වැඩ අවසන්.

ණය බංකොලොත් භාවය නැති කරන්න තුන්වන කණ්ඩායම එක්ක ගිවිසුමකට එන්න තිබෙනවා. එම කණ්ඩායම තමයි පෞද්ගලික බැඳුම්කරුවන්. ජාත්‍යන්තර ආයෝජකයන් ලංකාවේ බැඳුම්කර අරගෙන ආයෝජනය කිරීම මෙම වැඩසටහන යටතේ වෙනවා. ඒ ගිවිසුම හෙට වෙනකොට අවසන් කරන බව සතුටින් කියන්න පුළුවන්.

මම මූලික යුතුකම් ඉෂ්ට කරලා මේ රටේ බංකොලොත් භාවය නිල වශයෙන් නැති කරන තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා. නමුත් මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා. මම ආර්ථිකය ස්ථාවර කළාට ඒක තහවුරු කරන්න තිබෙනවා. ඒක තහවුරු කරන්න අවුරුදු දෙක තුනක් යනවා. නැත්නම් ඒක ලිස්සලා යනවා. අපි අලුත් ආර්ථිකයක් නිර්මාණය කළේ නැත්නම් ආපහු ණය අරගෙන අපි වැටෙනවා. සැප්තැම්බර් 21 වනාන් දා මං ඔබ සියලු දෙනාගෙන් ම ඉල්ලන්නේ ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න වරමක් මට ලබා දෙන්න කියලයි.

අපි මේ ගිවිසුම් පිළිගන්නව ද, නැත්නම් ජාතික ජන බලවේගයයි, සමගි ජන බලවේගයයි කියන හැටියට මේවා අලුතෙන් කරනව ද? අලුතෙන් කරනවා නම් අපිට ලැබෙන මුදල් ඔක්කොම නවත්වනවා. අපිට අලුතෙන් කතා කරන්න වෙනවා. අපිට ලැබෙන්න තියෙන මුදල් එකක්වත් ලැබෙන්නෑ. අපි බංකොලොත්භාවයෙන් පිටවුණා කියලා ප්‍රකාශ කරන්නෑ. සති දෙකකින් අපි ඒකට පිළිතුරු දෙන්න ඕන. ඒ පිළිතුරු තමයි 21 වන දා ඔබ ලබා දිය යුත්තේ. “

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories