2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:28
නවතම පුවත්

රජය ලයිට් බිල අඩුකරලා – ජනවාරි 17 ඉඳන් ක්‍රියාත්මකයිලු

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළ ආකාරයට පසුගිය ජනවාරි 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට 21කින් අඩුකිරීම බලාත්මක කර ඇතැයි බලශක්ති ඇමැති කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

විපක්ෂයේ මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ඇත්තටම විදුලි බිල ජනවාරි 17 රාත්‍රී 12 සිට අඩු කොට තිබෙනවා. ඊළඟ විදුලි බිල්පත සමග හැමෝටම එහි ප්‍රතිඵලය ලැබෙයි. එහිදී ඒකක බිංදුවයි තිහ දක්වා රුපියල් 04ක් ලෙසද, තිස් එක සිට හැට දක්වා රුපියල් 06ක් ලෙස ද, හැටඑකේ සිට අනූව දක්වා රුපියල් 14ක් වශයෙන් ද, අනූඑකේ සිට එකසිය විස්ස දක්වා රුපියල් 20 දක්වා ද අඩු වෙනවා. එකසිය විසි එකේ එකේ සිට එකසිය අසූව දක්වා රුපියල් 33 දක්වා අඩු වෙනවා. ඒකක 180ට වැඩි ඒකක සඳහා රුපියල් 52 ට අඩු වෙනවා. සාමාන්‍යයෙන් විදුලි බිල අඩුවීම සියයට 21ක් වුණාට මෙම අඩුවීම හෝටල් සහ කර්මාන්ත සඳහා සියයට 30 කින් 31කින් අඩු අඩු වෙනවා. මෙය පසුගිය 17දා රාත්‍රී සිට ක්‍රියාත්මකයි.”.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් සහ ලංකා විදුලි බල මණ්ඩලය වෙතින් අදහස් පළකෙරුණද විදුලි බිල සංශෝධනය කෙරුණු බව නිල වශයෙන් ප්‍රකාශ නොවීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories