2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:01
නවතම පුවත්

රජය රෝහල් 130 ක ඔසුසල් පිහිටුවීමට යයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ, මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි සාධාරණ මිලකට ලබාදීමේ පරමාර්ථය ඇතිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 65 වැනි ඔසුසල නාරහෙන්පිට දී අද (27) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

නවීන තාක්ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගාරයේදී අවස්ථා හතකරදීම පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු පමණක් මෙම ඖෂධ වෙළෙඳපොළට නිකුත් කරන බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි එයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

අමාත්‍යයා මෙහිදී පැවසුවේ, එමෙන්ම ඖෂධ මිලදී ගැනීමට 2024 වසරටම ටෙන්ඩර් 68ක් පමණක් සිදුකර ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස 05 තුළ පමණක් ටෙන්ඩර් 268ක් සිදු කර ඇති බවයි.

ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත කාලය තුළ සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ නියමිත පරිදී සහ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් ම ලබා දීමේ හැකියාව රජයට පවතින බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ රජයන් සහ රජයන් අතර ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ ද අවසන් අදියරේ පවතින බවය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories