2026 මාර්තු 20 සිකුරාදා, 23:47
නවතම පුවත්

රජයේ රෝහල්වල ප්‍රමිතියෙන් අඩු ඖෂධ නෑ

ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ කිසි­වක් රජයේ රෝහල් පද්ධ­තිය තුළ නොමැති බව වග­කී­මෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පති­රණ මහතා පවසනවා.

ඖෂධ සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යීය ශ්‍රව­ණා­ගා­රයේ ඊයේ (30) පැවැති විශේෂ මාධ්‍ය හමු­වකට සහ­භාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා රජ­යෙන් කිසිදු ඉඩක් නොමැති බවත්, කිසිදු බිය­කින් තොරව රෝගීන්ට රජයේ රෝහල් පද්ධ­තිය තුළින් ලබා­දෙන ඖෂධ ආර­ක්ෂි­තව භාවිත කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

එමෙන්ම සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනී­මක් සිදු නොකරන බවයි රමේෂ් පතිරණය මහතා ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස තමා කට­යුතු කරන තාක් කල් සහ මෙම නිල­ධාරි මණ්ඩ­ලය කට­යුතු කරන තාක් කල් නීති­වි­රෝධී හෝ සම්ප්‍ර­දාය විරෝධී කිසිම කට­යු­ත්ත­කට සම්බන්ධ නොවන බව ඒ මහතා පෙන්වා දුන්නා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පති­රණ මහතා,

“ගුණා­ත්ම­ක­භා­ව­යෙන් අඩු කිසිඳු ඖෂ­ධ­යක් ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය මඟින් ලබා ගැනී­මට කට­යුතු කරන්නේ නැහැ.. ශ්‍රී ලංකාවේ ලියා­ප­දිංචි කර නොමැති ඖෂධ මෙර­ටට ගෙන්වී­මට කිසිඳු අව­ස්ථා­වක කට­යුතු කර­න්නෙත් නැහැ.. මෙර­ටට ඖෂධ ගෙන්ව­නවා නම් ඖෂධ සහ නිෂ්පා­ද­ක­යින් ඖෂධ නියා­මන අධි­කා­රියේ ලියා­ප­දිංචි කිරී­මෙන් පසු­වයි මෙර­ටට ගෙන්වන්නේ.. දෙවැන්න පසු­ගිය වස­රක කාලය තිස්සේ ලංකා­වට ඖෂධ කිහි­ප­යක හිඟ­තා­ව­යක් තිබෙ­නවා.. වෛද්‍ය­ව­රුන් විසින් හඳු­නා­ගත් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ නිර්දේ­ශිත ඖෂධ 862ක් ලංකාවේ ඖෂධ සඳහා අන්ත­ර්ගත කර තිබෙ­නවා.. එම ඖෂධ ප්‍රස­ම්පා­ද­නය කර රෝහල් වෙත ලබා­දෙ­නවා.. ලෝකයේ පිළි­ගත් රට­වල ලියා­ප­දිංචි කර තිබෙ­නවා නම් අපට ඉතා ඉක්ම­නින් ලියා­ප­දිං­චිය ලබා­දෙන්න පුළු­වන්.. එය ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පිළි­ගත් ක්‍රම­වේ­ද­යක්. ඒ හරහා පම­ණයි ඖෂධ ගෙන්වන්නේ.. එවිට එම ඖෂ­ධ­වල ගුණා­ත්ම­ක­භා­වය පිළි­බ­ඳව කිසිදු ගැට­ලු­වක් ඇති වන්නේ නැහැ.. ගුණා­ත්ම­ක­භා­ව­යෙන් ඉහළ ඖෂධ ඉන්දි­යාව හරහා ගන්න හැකි නම් අපි ඒක කර­නවා.. එසේ කරන්නේ රටේ ජන­තාව වෙනු­වෙන්.. නමුත් ඒ සම්බන්ධ අව­සන් ගිවි­සු­මට තවම එළඹ නැහැ.. එය වඩා විනි­වි­ද­භා­ව­යෙන් රජ­යන් දෙක අතර කෙරෙන කට­යු­ත්තක්..”

මේ අතර එම විශේෂ මාධ්‍ය සාක­ච්ඡා­ව සඳහා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන, වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය ජී. විජේ­සූ­රිය, ඖෂධ නියා­මන අධි­කා­රියේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද විජේ­වි­ක්‍රම, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමා­න්‍යා­ධි­කාරි දිනූෂ දස­නා­යක, රාජ්‍ය ඖෂධ නිෂ්පා­දන නීති­ගත සංස්ථාවේ සභා­පති වෛද්‍ය උත්පල ඉන්ද්‍ර­වංශ මහ­ත්වරුන් ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් එක්ව සිටි­යා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories