2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:14
නවතම පුවත්

රජයේ රෝහල්වලට විකිරණවේදීන් 500ක් හිඟයි

රජයේ රෝහල්වල 530කට ආසන්න විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

විකිරණ තාක්ෂණවේදී අනුමත සේවක සංඛ්‍යාව ලෙස 1,150ක් සිටිය යුතු වුවද මේ වන විට සේවයේ නිරත වනුයේ 620කට ආසන්න පිරිසක් බව ධර්මවික්‍රම මහතා පැවසීය.

විකිරණවේදීන් බඳවා ගැනීම් වසර දෙකකට වැඩි කාලයක් සිදුනොවීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර හා පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම අපහසු වී ඇති බව ඔහු කීවේය.

මේ අතර, පසුගිය වසර එකහමාර ඇතුළත විකිරණ තාක්ෂණවේදීන් 80කට වැඩි පිරිසක් විදේශගත වී ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

උපාධිධාරීන් 110ක් එම තනතුරු සඳහා අයැදුම්පත් යොමුකර ඇති බව ඔහු කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ විකිරණ තාක්ෂණවේදී පුහුණු පාසලෙන් උසස් ඩිප්ලෝමා පුහුණුව සම්පූර්ණ කළ ඩිප්ලෝමා ධාරීන් 41ක් මාස අටක් පුරා එම සේවයට ඇතුළත් වීමට බලා සිටින බව ධර්මවික්‍රම මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories