අතරමග නැවතී ඇති රජයේ නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන කිහිපයක නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹි බව එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ය.
නුසුදුසු කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් භාරදීම හා පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නතර වී තිබිණි. ලේකම්වරයා ප්‍රකාශ කළේ , ගැටලු පවතින කොන්ත්‍රාත්කරුවන් වෙනුවට, නව කොන්ත්‍රාත්කරුවන් යොදා ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කරන බවයි.
ඒ අතරට නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක් සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක් වේ.
එම ව්‍යාපෘති යටතේ නිවාස 4,000 ක් පමණ ඉදිකිරීමට යෝජිතයි.