රජයේ සියලු ආයතනවලට ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට අමාත්‍යාංශය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
ඒ අනුව, දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රජයේ ආයතන රැසකට මෙම යන්ත්‍ර පිහිටුවා ඇත.
සේවකයන්ගේ සේවයට පැමිණීම සහ පිටවීම නියාමනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, සේවයට වාර්තා කිරීමේදී පවතින අක්‍රමිකතා අවම කිරීමටද මෙය උපකාරී වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.