රජට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ධුරයට විශ්වවිද්‍යාලයීය පාලක සභාව දැනට එහි සේවය කරන ආචාර්යවරුන් අතරින් තිදෙනකු තෝරාගෙන ජනාධිපතිවරයාට නිර්දේශ සඳහා යවා ඇත.
ඒ අනුව කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය පී. එස්. කේ. රාජපක්ෂ සහ කළමනාකාර අධ්‍යයන පීඨයේ මහාචාර්ය පර්සි විජේවර්ධන යන අය උපකුලපති ධුරයට තෝර යවා ඇති නම් වේ
මේ අතරින් සුදුසු පුද්ගලයා ජනාධිපතිවරයා විසින් තෝරා නිර්දේශ කරනු ලබයි. රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ කාලය අවසන් වීමට ඇත්තේ දෙසැම්බර් 12 වැනිදාය.