2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:28
නවතම පුවත්

රක්ෂිතයක අක්කර 168ක් ඉස්සන් කොටුවකට දුන් පවිත්‍රාගේ ගැසට්‌ එක රිවස් !

විල්පත්තුව වෙඩිතලතිවු රක්ෂිත වනාන්තරයෙන් අක්කර 168ක් ඉස්සන් ගොවිපලක් ඉදිකිරීම සඳහා මුදා හැරීමට නියම කරමින් වනජීවී අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යළිත් සමාලෝචනය කිරීමට අභිනව රජය තීරණය කර ඇති බව අද පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆොස්ලි රාසික් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන එස්.තුරෙයිරාජා, දිලීප් නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිනි. මෙම පෙත්සම වනජීවී ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය, ඇතුළු පිරිසක් ගොනු කර තිබිණි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ හිටපු වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසකි.

ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ අතර එම අතුරු තහනම් නියෝගය ලබන වසරේ ජූලි 29 දක්වා දීර්ඝ කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඒ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆොස්ලි රාසික් ප්‍රශ්නගත ගැසට්‌ නිවේදනය සම්බන්ධයෙන් යළිත් සමාලෝචනය කිරීමට අභිනව රජය තීරණය කර ඇති බව අධිකරණයට දැන්වීමෙන් පසුය.

මෙම තත්ත්වය යටතේ පෙත්සමට අද‍ාලව මීලඟ දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි නියෝජය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන වසරේ ජූනි 29 වැනිද‍ා කැඳවීමට දින නියම කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories