2026 මාර්තු 25 බදාදා, 04:56
නවතම පුවත්

රක්ෂිතයක අක්කර 168ක් ඉස්සන් කොටුවකට දුන් පවිත්‍රාගේ ගැසට්‌ එක රිවස් !

විල්පත්තුව වෙඩිතලතිවු රක්ෂිත වනාන්තරයෙන් අක්කර 168ක් ඉස්සන් ගොවිපලක් ඉදිකිරීම සඳහා මුදා හැරීමට නියම කරමින් වනජීවී අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යළිත් සමාලෝචනය කිරීමට අභිනව රජය තීරණය කර ඇති බව අද පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆොස්ලි රාසික් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන එස්.තුරෙයිරාජා, දිලීප් නවාස් සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලිනි. මෙම පෙත්සම වනජීවී ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය, ඇතුළු පිරිසක් ගොනු කර තිබිණි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ හිටපු වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසකි.

ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ අතර එම අතුරු තහනම් නියෝගය ලබන වසරේ ජූලි 29 දක්වා දීර්ඝ කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඒ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆොස්ලි රාසික් ප්‍රශ්නගත ගැසට්‌ නිවේදනය සම්බන්ධයෙන් යළිත් සමාලෝචනය කිරීමට අභිනව රජය තීරණය කර ඇති බව අධිකරණයට දැන්වීමෙන් පසුය.

මෙම තත්ත්වය යටතේ පෙත්සමට අද‍ාලව මීලඟ දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි නියෝජය සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන වසරේ ජූනි 29 වැනිද‍ා කැඳවීමට දින නියම කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories