2025 අගෝස්තු 15 සිකුරාදා, 08:43
නවතම පුවත්

රක්ෂණ වන්දියක් ගන්න බිරිඳ මුහුදට තල්ලුකර මරාදැමූ අයෙක්ට මරණ දඬුවම

රක්ෂණ වන්දියක් ලබාගැනීම සඳහා තම බිරිඳ මුහුදට තල්ලුකර ඝාතනය කළ චීන ජාතිකයෙකු මරණ දඬුවම නියම කර ඇතැයි වර්තා වේ.

චීන ජනමාධ්‍ය වාර්තා කළේ 47 හැවිරිදි පුද්ගලයකුට එලෙස මරණ දණ්ඩනය නියම කර ඇති බවයි.

චීනයේ රාජ්‍ය මාධ්‍ය වන සීසීටීවී වාර්තා කර ඇති පරිදි, සිය ණය ගෙවාදැමීම සහ ඇසුරු කළ ගණිකාවන් සඳහා මුදල් පියවීම වෙනුවෙන් ඔහු රක්ෂණ වන්දිය ලබාගැනීමට සැලසුම් කර ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.

එම චීන ජාතිකයා ලී නමැත්තකු බව ද චීන ජනමාධ්‍ය වාර්තා කර ඇත.

සීසීටීවී වාර්තා කරන පරිදි චීනයේ Liaoning Higher අධිකරණය මගින්, චේතනාන්විත මනුෂ්‍ය ඝාතන සඳහා අදාළ පුද්ගලයාට මරණ දඬුවම නියමකර තිබේ.

කෙසේවෙතත්, එම දඬුවම ක්‍රියාත්මක කර තිබේද යන්න චීන මාධ්‍ය වාර්තා කර නොමැත.

සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පතේ වාර්තාවකට අනුව, මෙම සිදුවීම 2021 මැයි 5 වන දින, ලියාඕනිං පළාතේ ඩලියන් සිට නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ යන්තායි දක්වා යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවකදී එම පුද්ගලයා සිය බිරිඳ මුහුදට තල්ලුකර තිබේ.

අනතුරුව විනාඩි 45 ක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව නිලධාරීන් එම කාන්තාවගේ සිරුර සොයාගෙන ඇත.

ඇයගේ මරණය දැනගත් ඇයගේ සැමියා එම අවස්ථාවේදී කම්පනයට පත්වී, අංශභාග තත්ත්වයෙන් බිම වාඩිවී සිටි බවක් පෙන්නුම් කර ඇති බව ද වාර්තා වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories