2025 අගෝස්තු 15 සිකුරාදා, 21:30
නවතම පුවත්

යුද්ධය තිබුණත් ඊශ්‍රායල රැකියා ගමන් තවදුරට ත්

යුධ වාතාවරණය පවතින නමුත් ඊශ්‍රායලය හා මැද පෙරදිග කලාපය වෙත රැකියා සඳහා පිටත් කිරීම නවත්වා නොමැති බව ත් පෙරේදා (02) ඊශ්‍රායල් වෙත පිටත්වීමට ලාංකිකයන් 118 දෙනෙකු අලුතෙන් ම ගුවන් ටිකට්පත් ලබා දුන් බව ත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරියෙක් පවසා ඇත.

ඉදිකිරීම්, කෘෂිකර්ම, සත්ත්ව පාලන හා සාත්තු සේවිකා යන අංශ සඳහා මැද පෙරදිග රැකියා අවස්ථා ලැබීම මෙම වසරේ ඉහළ ගොස් ඇති බව ත් රැකියා සඳහා පිටත් කිරීම නැවැත්වීමට තරම් අවදානමක් මේ දක්වා නැති බව ත් එම නිලධාරියා කියා තිබේ .

මැද පෙරදිග නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින නමුත් ඊශ්‍රායලයේ රැකියා කරන අය සුරක්ෂිත බව එම තානාපති කාර්යාල සමග සන්නිවේදනය ඔස්සේ තහවුරු කර ගෙන ඇති බව ත් එම නිලධාරියා පවසා ඇත .

මේ අනුව, ලාංකිකයන් 194ක නව කණ්ඩායමක් ලබන 9, 10, 12, 13 යන දිනවල මෙරට සිට ඊශ්‍රායලය වෙත පිටත් වී යෑමට නියමිත බවත් ඔහු කියා තිබේ .

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මස විදේශ රැකියා සඳහා පිටත් වී ගිය සංඛ්‍යාව සියයට 10කින් ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව 28,344කි.

මෙම වසරේ මුල් මාස 9 ඇතුළත වැඩි ම ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා යොමු වී ඇත්තේ සෞදි අරාබියට වන අතර එම සංඛ්‍යාව 38,133කි.

එසේ ම, මෙම වසරේ මුල් මාස 9 තුළ සමස්තයක් ලෙස විදේශ රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 240,109කි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories