යුගයේ අවශ්‍යතාවයක් ඉටු කරමින් පොදුජන එක්සත් පෙරමුණ මව්බිමේ වත්මන් අවශ්‍යතාවය වෙනුවෙන් නව පක්ෂ, සංවිධාන හා සන්ධාන ගතවීම අගෝස්තු 14 වෙනි දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පෙරවරු 10.30 ට සිදු කිරීමට නියමිතව ඇත.
පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ වල එකතුවෙන් නිර්මාණය වූ පක්ෂයකි. ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග මෙහිදී සන්ධාන ගත වීමට නියමිතව ඇත.
සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ඇතුලු සියලු ජාතීන් නියෝජනය වන දේශපාලන එකතුවක් සහිතව මෙම පුළුල් සන්ධානය ගොඩ නැංවෙනු ඇත. සියලු ජාතීන්ට පිළිගත හැකි සමගිය, සහෝදරත්වය, සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සහිත පුළුල්ම ජනතා වේදිකාව බවට මෙම සන්ධානය පත් වේ.
එමෙන්ම වෘත්තිය සමිති, අනුබද්ධ සංවිධාන, සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් මෙම සන්ධානය සමග එක්වීමට නියමිතව ඇත.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රෙම්ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නලින් ප්‍රනාන්දු, ජෝන් සෙනවිරත්න, ප්‍රියංකර ජයරත්න, නිමල් ලාන්සා, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, නාලක කෝට්ටේගොඩ, එස්.එම්.එම්.මුසාරෆ්, ඉෂාක් රහුමාන්, එස්. වියාලේන්ද්‍රන්, නසීර් අහමඩ්, මොහොමඩ් මුසම්මිල්, අලි සබ්‍රි රහීම්, උදයන කිරිඳිගොඩ යන මහත්වරුන් ඇතුලු පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් මෙන්ම වෘත්තිය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතව ඇත.