යුක්‍රේනය සමග පවතින යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර සාකච්ඡා ආරම්භ කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෞදි අරාබියාවේදී මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි.
රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව්, අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ මෙම සාකච්ඡා සදහා එක්ව ඇත.
කෙසේවෙතත් අදාළ සාකච්ඡා සඳහා යුක්‍රේනයට මෙන්ම යුරෝපීය නායකයින්ට ආරාධනා කර නොමැති බවද වාර්තා වේ