2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:38
නවතම පුවත්

යුක්රේනයේ සාමය සදහා සෙලෙන්ස්කි ශ්‍රී ලංකාවේ සහය ඉල්ලයි

යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති උරුගොඩවත්ත දිසානායක යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවී සිය අක්තපත්‍ර ප්‍රදානය කර ඇත.

එරට ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම හමුවේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ යුක්රේනයට සාමය ගෙනඒම සඳහා ඒකාබද්ධ උත්සාහයන් ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා තානාපතිවරිය සමඟ කළ සංවාදයේදී, යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, යුක්රේනය එක්සත් ජනපද නියෝජිතයන් සමඟ ඵලදායී සාකච්ඡාවල නියැලී සිටින බවත් හැකි ඉක්මණින් සාමය ළඟාකර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට සූදානම් බවත්ය.

තවදුරටත් සාකච්ඡා ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට යුක්රේනය පියවර යෝජනා කර ඇති අතර, අනෙකුත් ජාතීන්ගෙන් මෙම ස්ථාවරයට සහාය ලබාගැනීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපති කාර්යාලය පවසයි.

“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ අන්තර්ජාතික නීතිය මත පදනම්ව යුක්රේනයේ සාධාරණ හා කල් පවතින සාමයක් ලබාගැනීමේ මාවතේ වඩාත් ක්‍රියාකාරී සහයෝගය සඳහා අපි ශ්‍රී ලංකාවට කෘතඥ වෙමු,” වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කර ඇත.

විශේෂයෙන් වෙළඳාම, අධ්‍යාපනය, ආහාර සුරක්ෂිතතාව සහ වෛද්‍ය පුනරුත්ථාපන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමට යුක්රේනය උනන්දු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

යුක්රේනයේ ජනතාවට සාමය ප්‍රාර්ථනා කරන බව ශ්‍රී ලංකා තානාපතිනිය අවධාරණය කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories