යුක්‍රේන රුසියා යුද්ධය සමග එහි විශාල ශ්‍රම හිඟයක් මතුව ඇති බව වාර්තා වනවා. මේ නිසා කාන්තාවන් සහ යෞවනයන්ට යුක්‍රේනයේ නව රැකියා අවස්ථා නිර්මාණය වී ඇති බව සඳහන්.
මෙම ශ්‍රම හිඟය නිසා ආර්ථික වර්ධනය අඩාල වී නැවත් ප්‍රකෘති තත්ත්වය දක්වා ඒමට වැඩි කාලයක් ගත වනුඇති බවයි විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත්තේ.
එම නිසා සාම්ප්‍රදායිකව පිරිමින් විසින් කරන ලද රැකියා සංඛ්‍යාවක් මේවන විට කාන්තාවන්ට හිමි වන බව විදෙස් වාර්තා පවසනවා.
බොහෝ යුක්‍රේන සමාගම්, අත්දැකීම් නොමැති කාන්තාවන්ව පවා, පුහුණුවක් ලබා දී නව රැකියා සඳහා බඳවා ගන්නා බවයි වාර්තා වන්නේ.